සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්රියේදී නිකුත් වූ අතර එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව සඳහන්.
එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වනවා.
පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකුද මෙවර විභාගය සඳහා පෙනී සිටියා.