සාම සාකච්ඡාවලදී රුසියානු ප්‍රකෝටිපතියෙකුට විෂ ශරීරගත වූ බවට සැකයක් –  ඉස්තාන්බුල්වලදී යළිත් සාකච්ඡා ඇරඹේ

සාම සාකච්ඡාවලදී රුසියානු ප්‍රකෝටිපතියෙකුට විෂ ශරීරගත වූ බවට සැකයක් – ඉස්තාන්බුල්වලදී යළිත් සාකච්ඡා ඇරඹේ

රුසියානු ප්‍රකෝටිපතියෙකු වන Roman Abramovichගේ සමීප ආරංචි මාර්ගවලට අනුව මේ මස මුලදී පැවැත්වූ සාම සාකච්ඡා වලදී ඔහුට විෂ ශරීරගත වූ බවට සැක කෙරෙන රෝග ලක්ෂණ ඇති ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහු දැන් සුවය ලබා ඇති බවත් එමෙන්ම යුක්‍රේන සාම සාකච්ඡාකරුවන් දෙදෙනෙකුට ද මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත් ය සඳහන්

මේ අතර ඉස්තාන්බුල්වල බොස්ෆරස් ඉවුරේ ඩොල්මාබාස්හි පිහිටි තුර්කියේ ජනාධිපති එර්ඩෝගන්ගේ කාර්යාලයට රුසියානු සහ යුක්‍රේන නියෝජිතයින් පැමිණ ඇති බව වාර්තා වනවා

තුර්කි ජනාධිපතිවරයා විසින් ඔවුන් දෙපිරිසම අමතා ඇති අතර සාමය සඳහා වන  ඉදිරි ගමනක් පිළිබඳ බලාපොරොත්තු අඩු බවයි පැවසෙන්නේ

දෙසතියකට වැඩි කාලයකට පසු මුහුණට මුහුණලා කතා කරන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan පවසන්නේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි සහ රුසියාවේ පුටින් යන දෙදෙනාම “වටිනා මිතුරන්” බවයි,

ගැටුම පස්වන සතියට එළැඹීම ගැන තමන් කම්පා වන බවත් තුර්කියේ රටවල් දෙකම සමග ඇති මිත්‍රත්වය නිසා සාකච්ඡා සඳහා මැදිහත් වීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බවත් තුර්කියේ ජනාධිපතිවරයා පවසනවා.

තවදුරටත් ඔහු පවසන්නේ ගැටුම් දිගටම පැවතීම කිසිවකුටත් ප්‍රයෝජනයක් නොවන බවයි

ඔහු වහාම සටන් විරාමයක් ඉල්ලා ඇති අතර ඛේදවාචකය නැවැත්වීම දෙපාර්ශවයටම අයත් බවද  පවසනවා

තුර්කිය නේටෝ සාමාජිකයෙකු වන නමුත් රුසියාව සමඟ ශක්තිමත් සබඳතා පවත්වනු ලබනවා

මේ අතර යුක්‍රේනය පවසන්නේ තම ප්‍රමුඛතාවය සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීම බව නමුත් එක්සත් ජනපදය සහ යුක්‍රේනය යන රටවල් දෙකම රුසියාවේ අභිප්‍රාය පිළිබඳව සැක පහළ කර තිබෙනවා

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky තෙල් සම්බාධක ඇතුළු රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන ලෙස ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This