සාම සාධක මෙහෙයුම් සඳහා  කාන්තා බලඇණියක්

සාම සාධක මෙහෙයුම් සඳහා කාන්තා බලඇණියක්

සුඩානයේ සිදු කෙරෙන එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා කාන්තා සාමසාධක බලකායක් පිටත් කර හැරීමට ඉන්දියාව සූදනම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර ආරක්ෂක බලඇණියේ කොටසක් ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සදහා පිටත්ව යන ඉන්දියාවේ විශාලතම කාන්තා බලඇණිය මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉන්දියාව පළමුවරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සදහා කාන්තා බලඇණියක් පිටත් කර හැරියේ 2007 වසරේදීයි.

කාන්තාවන්ගෙන් පමණක් සැදුම් ලත් බලඇණියක් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා යොමු කෙරුණු පළමු රට වන්නේ ද ඉන්දියාව බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ ලයිබීරියාව වෙතයි.

එහිදී ලයිබීරියාවේ පොලිස් මෙහෙයුම් සහ මුර සංචාර සදහා ඔවුන් සහය ලබාදී තිබෙනවා.

Share This