සා.පෙළ සමත් 237,026 කට උසස් පෙළ වරම් (VIDEO)

සා.පෙළ සමත් 237,026 කට උසස් පෙළ වරම් (VIDEO)

අද නිකුත් වූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 දෙනෙකු උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා ‘ඒ‘ සාමාර්ථ 9ම ලබාගත් සිසුන් සංඛ්‍යාව 13,392ක්.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664කදී පැවැත්වුණා.

ඊට සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් වන අතර 75,965ක් පෞද්ගලික අයදුම්කරුවන්.

මේ අතර 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කළා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන අඅඅගාදැබැඑිගකන සහ අඅඅගරුිමකඑිගැං්පිගටදඩගකන යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා ‘ඒ‘ සාමාර්ථ 9ම ලබාගත් සිසුන් සංඛ්‍යාව 13,392ක්.

මේ අතර එක් එක් පළාත් අනුව ගත්කල වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත්ව ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ සියයට 75.64ක් ලෙසයි.

පළාත් අනුව අවමය උතුරු පළාතෙන් වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ සියයට 69.86ක් ලෙසයි.

මේ අතර ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112-784537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකියි.

මේ අතර මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා

මීට අමතරව මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත්තේ.

Share This