සැකකටයුතු මරණයක් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
මහනුවර අම්පිටිය ප්රදේශයේ මීකණුව මාර්ගයේ ත්රිරෝද රථයක් අසළ වැටී සිටි පුද්ගලයෙකු මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය විසින් සිදුකළ විමර්ශන තුළින් අනාවරණය වී ඇත්තේ මහනුවර දෙසට මුහුණලා මාර්ගයේ දකුණු පස බැම්මක් අසළ ත්රිරෝද රථයක් නවතා තිබූ බවත් එහි රියදුරු බවට සැකකෙරෙන පුද්ගලයා ත්රිරෝද රථය අසළ වැටී සිටියදී මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වන වැරැල්ලගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලබනවා.