සැකකරුවන්ට සිරකරුවන්ට විශේෂ බන්ධනාගාර නැහැ

සැකකරුවන්ට සිරකරුවන්ට විශේෂ බන්ධනාගාර නැහැ

සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු ලෙසත්, ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බවත් දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට දන්වමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාල සීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් යම් කටයුත්තක් සඳහා නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බවත් වාර්තා වනවා.

සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු අතර කවර හේතුවක් මත හෝ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ගියොත් ඒ සඳහා හේතු වූ කරුණු අදාළ බන්ධනාගාර අධිකාරී විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.

 

Share This