සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය අධිකරණ ක්‍රියාවලියට හානියක් – ජනධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි

සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය අධිකරණ ක්‍රියාවලියට හානියක් – ජනධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බව ජනධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් සිදු නොවන බවයි.

එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ රිද්මයට හානි වන බවත් , එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එන බවත් ජනාධිපති නීතිඥවරයාගේ අදහසයි.

Share This