
සැක පිට අත් අඩංගුවට ගත් “සහරාන්” මුදා හැරීමට අධිකරණයෙන් නියෝග
බම්බලපිටිය ප්‍රදේශයේ පැවති බෝරා සමුළුව වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පැය 72 ක් රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද( 30) නියෝග කළා.
අධිකරණයෙන් මෙම නියෝගය කළේ සැකකාර පුද්ගලයා රඳවා තබාගෙන ප්‍රශ්න කල නමුත් ඔහු එසේ වීඩියෝ ගත කිරීමත් සිදුකර ඇත්තේ කිසියම් අපරාධ කටයුත්තකට නොවන බවට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කරුණු අනාවරණය වන බවට ත්‍රස්ත විමර්ශන කොට්ටාශය කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවයි.
රුක්මාල් මොහොමඩ් සහරාන් නැමති සැකකරුවෙකු එසේ මුදා හැරීමට නියම කෙරුණා.
සැකකාර පුද්ගලයා බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදු කර ඇති බවත් ඔහු යම් අපරාධයක් සිදුකිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කළ ඇති බවට සැකපිට බම්බලපිටිය පොලිසිය පසුගිය 27 දා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව බම්බලපිටිය පොලිසිය මගින් සැකකාර පුද්ගලයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දීමෙන් අනතුරුව ඔහු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කළා.