සැමියාගේ මරණයට චෝදනා එල්ල වූ එක්සත් ජනපදයේ කතුවරිය

සැමියාගේ මරණයට චෝදනා එල්ල වූ එක්සත් ජනපදයේ කතුවරිය

සැමියාගේ මරණයට චෝදනා එල්ල වූ එක්සත් ජනපදයේ කතුවරිය

Utah bereavement නම් වූ ළමා පොත ප්‍රකාශයට පත් කළ එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයේ කාන්තාවක් සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තිදරු මවක් වන කුරි රිචින්ස් 2022 මාර්තු මාසයේ එක් රාත්‍රියක පොලිසිය අමතා ඇගේ සැමියා වන එරික් රිචින්ස් ප්‍රතිචාර නොදක්වන බව පවසා තිබෙනවා.

පැය ගණනාවකට පෙර තම සැමියා වොඩ්කා පානය කළ බවයි ඇය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

වෛද්‍ය පරීක්ෂකයෙකු පසුව සොයා ගත්තේ රිචින්ස් මහතා ෆෙන්ටැනයිල් අධිමාත්‍රාවක් ගැනීමෙන් මිය ගොස් ඇති බවයි.

ඔහුගේ පද්ධතියේ ඖෂධයේ මාරාන්තික මාත්‍රාව මෙන් පස් ගුණයක් තිබූ බව වෛද්‍ය පරීක්ෂකවරයා පැවසීය.

උසාවි ලේඛනවලට අනුව, 2021 දෙසැම්බර් සහ 2022 පෙබරවාරි අතර, රිචින්ස් මහත්මිය මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට වේදනා නාශක බෙහෙත් වට්ටෝරුවක් ඉල්ලා කෙටි පණිවිඩයක් යවා තිබෙනවා.

රිචින්ස් මහත්මිය මත්ද්‍රව්‍ය ලබා ගත් බවට දින තුනකට පසු, ඇය සහ ඇගේ සැමියා වැලන්ටයින් දින රාත්‍රී භෝජන සංග්‍රහයක් ගත් අතර ඉන් පසුව ඔහු රෝගාතුර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිනීමැරුම් චෝදනාවට අමතරව, රිචින්ස් මහත්මිය විනෝදාස්වාදය සඳහා භාවිතා කරන මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන GHB මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැයි 19 වැනිදා රැඳවුම් විභාගයක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This