සැමියා – බි‍රියට බස්රියේ දී පිහිපහර දී බිරිද රෝහලේ

සැමියා – බි‍රියට බස්රියේ දී පිහිපහර දී බිරිද රෝහලේ

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුමෙන් බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබු පුද්ගලික බස් රථයක් තුලදි කාන්තාවකට පිරිමි පුද්ගයෙකු විසින් අද (09) උදෑසන 6.30 ට පමණ පිහියකින් කොටා තිබෙනවා.

පසුව එම පුද්ගලයා පැන දුවනවිට බස් රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථ රියදුරන් විසින් අල්ලා කණුවක බැද පසුව කටයුතුකර ඇත්තේ ⁣බණ්ඩාරවෙල පොලීසියට භාර දී මටයි.

මෙය පවුල් ආරවුලක් බව සැකකරු පවසා තිබනවා.

තමා ඇල්ල පුපුල ප්‍රදේශයේ බවත්, විවාහ වී සිටි පහරකෑ කාන්තාව බණ්ඩාරවෙල ලියන්ගහවෙල බවත් සැකකාර පුද්ගලයා පවසා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලටත් ඇතුලත් කර ඇති අතර පසුව දියතලාව මූලික රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලට ඇතුලත් මාරුකර හැවීමට කටයුතු කර ඇති බවයි.

Share This