සෑම මිනිත්තු දෙකකටම වරක් සිදුවන අවාසනාවන්ත අහිමිවීම

සෑම මිනිත්තු දෙකකටම වරක් සිදුවන අවාසනාවන්ත අහිමිවීම

ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී සෑම මිනිත්තු දෙකකට වරක් කාන්තාවක් මිය යන බවට අනාවරණය වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව වාර්තාවකට අනුව පසුගිය වසර පහ තුළ ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ මාතෘ මරණ අනුපාතිකය වැඩි වී ඇති බව සඳහන්.

එමෙන්ම සමස්ත මාතෘ මරණ අනුපාතිකය වසර 20ක කාලයක් තුළ සියයට 34.3කින් පහත වැටී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

2000 වසරේ දී සජීවී උපත් 100,000කට මාතෘ මරණ 339 ක් සිදුව ඇති අතර 2020 දී මාතෘ මරණ සිදුව ඇත්තේ 223 පමණයි.

කෙසේ වෙතත් 2020 වසරේදී දිනකට කාන්තාවන් 800 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර ඒ අනුව සෑම විනාඩි දෙකකටම වරක් කාන්තාවක් ජීවිතයෙන් සමු ගන්නා බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් පැවසුවේ, මාතෘ මරණ බොහෝ දුරට සිදු වී ඇත්තේ ලෝකයේ දුප්පත්ම කලාපවල සහ ගැටුම්වලින් පීඩාවට පත් රටවල බවයි

මෙම මරණවලට දරුණු රුධිර වහනය, ආසාදන, අනාරක්ෂිත ගබ්සාවන්ගෙන් ඇති වන සංකූලතා හේතු වී ඇති අතර එම තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගත හැකි සහ ප්‍රතිකාර කළ හැකි ඒවා බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

Share This