සෑම වසරකම London යන Norway නත්තල් ගස

සෑම වසරකම London යන Norway නත්තල් ගස

සම්ප්‍රදායිකව ලන්ඩන් වෙත ලබාදෙන නත්තල් ත්‍යාගයක් වන Norwayහි Spruce ගස (නත්තල් ගසක් ) කැපීමේ උත්සවය පවත්වා තිබෙනවා.

එය Oslo ප්‍රදේශයට උතුරින් පිහිටි වනාන්තර වන Nordmarkaහි ඇති ගසක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අඩි 62 උසකින් යුත් මෙම ගස දෙසැම්බර් 7 වන දින නිල ආලෝක උත්සවයට පෙර ලබන මස ආරම්භයේදී මධ්‍යම ලන්ඩනයට රැගෙන ඒමට නියමිතයි.

දෙවන ලෝක සංග්‍රාමයේදී Norway වෙත බ්‍රිතාන්‍යය ලබාදුන් සහයෝගයට ස්තූති කිරීමේ සංකේතයක් වශයෙන් Norway නත්තල් ගසක් සෑම වසරකම ලන්ඩනය වෙත තිලිණ කිරීම සම්ප්‍රදාය වනවා.

විශේෂඥ දොඹකර කණ්ඩායමක් විසින් හයිඩ්‍රොලික් දොඹකරයක් භාවිතයෙන් Trafalgar Square මෙම නත්තල් ගස ඉදිකිරීමට කටයුතු කරනවා.

පසුව මෙම ගස සාම්ප්‍රදායික Norway විලාසිතාවෙන් සිරස් අතට විදුලි පහන් වලින් සරසනවා.

Norway සිටි හත්වන Haakon රජු විසින් ප්‍රථමවරට ලන්ඩනයට නත්තල් ගසක් යවා ඇති අතර එය මේ වසරේ 76 වන සංවත්සරය සනිටුහන් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This