සිංගප්පූරුවේ ඉහළ ගිය ජනගහනය

සිංගප්පූරුවේ ඉහළ ගිය ජනගහනය

සිංගප්පූරුවේ ජනගහනය වසර 15කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ජුනි මාසයේ දී සිංගප්පූරුවේ මිලියන 5.6ක ජනතාවක් සිට ඇති අතර මෙම වසරේ ජුනි මාසය වන විට මිලියන 5.9ක් ලෙසයි එරට ජනගහනය වාර්තා වී ඇත්තේ.

එය 5%කට අධික වැඩිවීමක් බව පෙන්වාදෙන එරට බලධාරීන් අදාළ කාලය තුළ සිංගප්පූරුවට විදෙස් ශ්‍රමිකයින් එක් ලක්ෂ 62,000ක් පමණ පැමිණ ඇති බව පෙන්වාදෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් අනතුරුව සිංගප්පූරුවට විදෙස් ශ්‍රමිකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සඳහන්.

Share This