සිංගප්පූරුවේ ගෝල රකින්නාට චීන රසිකයන්ගෙන් මුදල් ත්‍යාගයක්

සිංගප්පූරුවේ ගෝල රකින්නාට චීන රසිකයන්ගෙන් මුදල් ත්‍යාගයක්

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී තායිලන්තයට එරෙහිව තමන් කළ රැකගැනීම් 11ක් නිසා චීනයට මීළඟ වටයට පැමිණීමට හැකිවීමෙන් පසු තමාට චීන පාපන්දු ලෝලීන්ගෙන් මුදල් ත්‍යාග ලැබුණු බව සිංගප්පූරු ගෝල රකින්නා වන හසන් සනී පවසනවා.

සෝල්හිදී දකුණු කොරියාව හමුවේ ගෝල 1-0 ක පරාජයෙන් පසු 2026 තරඟාවලිය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ අවසන් අදියර කරා යාමට චීනයට හැකියාව ලැබුණේ නැහැ.

පසුව මාධ්‍ය අමතමින් හසන් කියා සිටියේ ඔහු පවත්වාගෙන යන අවන්හලේ ගෙවීම් QR කේතයක් භාවිතයෙන් සිදු කරන අතර එය රසිකයන් මුදල් ත්‍යාග කිරීමට භාවිතා කර ඇති බවයි.

කෙසේ වෙතත් ත්‍යාග මුදල් කොපමණ ප්‍රමාණයක් ලැබී තිබේද යන්න ඔහු තවමත් හෙළිකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This