සිංගප්පූරුවේ නිල සංචාරයක යෙදීමට සැරසෙන විදේශ ඇමති අලි සබ්රි

සිංගප්පූරුවේ නිල සංචාරයක යෙදීමට සැරසෙන විදේශ ඇමති අලි සබ්රි

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජූලි 07 සිට 08 දක්වා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්ගේ ආරාධනයකට අනුවයි.

මෙම සංචාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතා දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිංගප්පූරු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එහිදී විදේශ අමාත්‍යවරයා ජූලි 09 වන දින සිංගප්පූරුවේදී පැවැත්වෙන රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිෆික් සමුළුව – 2024 සඳහා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Share This