
සිංගිමලේ ජලාශයෙන් ජලය ලබාගැනීම අත්හිටුවයි
හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, ඉකුත් 8වනදා 18 හැවිරිදි පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.
අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම ජලාශයෙ ජලය පානීය ජලය ලබාගැනීම සුදුසුද යන්න පිළිබදව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.
එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.