
සිංහල සිනමාවේ නවමු පරිච්ඡේදයකට පියමනින “රාණි”
ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ නවමු පරිච්ඡේදයකට උරුමකම් කියමින් ‘රාණි’ චිත්‍රපටය හෙට (30) සිට E.A.P ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතව තිබෙනවා.
ලොව දැවැන්තම සිනමා පට නිර්මාණ සමාගමක් වන ලයිකා ප්‍රඩක්ෂන් හි කුළුදුල් ශ්‍රී ලංකා නිෂ්පාදනය වන “රාණි” චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ අසෝක හඳගම මහතාගේ අධ්‍යක්ෂණයක් වනවා.
ප්‍රදර්ශනය ආරම්භ කිරීමටත් පෙර බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට ලක්ව ඇති රාණි චිත්‍රපටයේ මංගල දර්ශනය හෙට (30) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මරණය ඇතුළු සිදුවීම් රැසක් අළලා රාණි’ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
විශිෂ්ට රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන අතර සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, ප්‍රියන්ත ලලිත්, මයුර කාංචන, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, අශාන් ඩයස්, සජිත ඇන්තනී, අනසුයා සුබසිංහ, සෞම්‍ය ලියනගේ, රිතිකා කොඩිතුවක්කු ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඊට රංගනයෙන් දායක වනවා.