
සිංහ පැටව් 4ක් රිදීගම දී මහජන ප්‍රදර්ශනයට
හම්බන්තොට සූරියවැව මදුනාගල සපාරි උද්‍යානයේදී උපන් ඩෝරා නමැති සිංහ දේනුවට දාව දෙවන වරටත් පැටවුන් හතර දෙනෙකු බිහි වූූ අතර ඔවුන් මාස හතරකට පසුව මහජන ප්‍රදර්ශනයට එක් කිරීම අද (26) සිදු කළා.
මෙම ප්‍රදර්ශනයට එක්කිරීම සිදු කළේ සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල් ආර්.සී. රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් සූරියවැව රිදියගම සපාරි උද්‍යානයේදී යි.
මේ වන විට මෙම සිංහ පැටවුන් හතර දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් එම සතුන් කිරි බීමෙන් මිදී ආහාර ගැනීම ආරම්භ කිරීම සිදුවන බවත් සත්වෝද්‍යාන පාලකයින් පැවසුවා.


