සික් නායකයාගේ ඝාතනය පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බව කැනේඩියානු අගමැති යළිත් අවධාරණය කරයි

සික් නායකයාගේ ඝාතනය පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බව කැනේඩියානු අගමැති යළිත් අවධාරණය කරයි

කැනේඩියානු භූමියේදී සික් නායක Hardeep Singh Nijjar ඝාතනය කිරීම පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බවට විශ්වාස කිරීමට විශ්වසනීය හේතු ඇති බව අගමැති ජස්ටින් ටෘඩෝ නැවත අවධාරණය කර තිබෙනවා

ඔහු ප්‍රථමයෙන් පසුගිය සඳුදා දිනයේ මෙම චෝදනාව එල්ල කළ අතර, එය ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා

එම චෝදනාවෙන් පසුව දෙරට අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර මේ වනවිට කැනේඩියානුවන් සඳහා වීසා බලපත්‍ර ලබාදීමද ඉන්දියාවෙන් අත්හිටුවනු ලැබුවා

එමෙන්ම බටහිර රටවල සීක් බෙදුම්වාදීන් කලීස්තානය හෝ වෙනම සික් ජාතිකයින්ගේ නිජබිමක් සඳහා කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි ප්‍රතිචාර දක්වා ඇති බවද සඳහන් වනවා

ඉන්දියාව Hardeep Singh Nijjar ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළද, ඔහුගේ ආධාරකරුවන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා

එමෙන්ම ඔහු සික්වරුන්ට වෙනම නිජබිමක් සඳහා වූ ඉල්ලීමට සහාය දුන් සාමකාමී ක්‍රියාකාරිකයෙකු බවද පවසනවා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ චෝදනාව නිසා ඓතිහාසික වශයෙන් සමීප සබඳතා සහ හොඳ වෙළෙඳ සබඳතා බෙදාගත් රටවල් දෙකක් වූ ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර, ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ල වී ඇති බව පවසමින් කැනඩාව ඉන්දියාවේ සිටින තම පිරිස් ඉවත් කරගෙන ඇති බවද පැවසෙනවා

Share This