සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් කැනඩා අගමැතිවරයාගේ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් කැනඩා අගමැතිවරයාගේ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

කැනඩාවේ සික් නායකයකුගේ මරණය සම්බන්ධයෙන් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ විසින් කරන ලද චෝදනා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා

Hardeep Singh Nijjarව බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා

ඔහුගේ මරණය සහ ඉන්දීය රාජ්‍යය අතර විශ්වසනීය සම්බන්ධයක් කැනේඩියානු බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කර තිබෙන්නේ.

ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ දේශපාලනික අරමුණු මූලික කරගෙන එල්ල කරන ලද ප්‍රකාශයන් බවයි

“අපි නීතියේ ආධිපත්‍යය සඳහා දැඩි කැපවීමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඇති රටක් ” යනුවෙන් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

මෙම සිදුවීම ජාතීන් දෙක අතර දැනටමත් පලුදු වී ඇති සබඳතාවයේ නවතම ආසන්න අවස්ථාව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ පිළිබඳව ධවල මන්දිරය ප්‍රකාශ කළේ කැනඩා අගමැතිවරයාගේ චෝදනා පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත්වන බවයි.

Hardeep Singh Nijjarගේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉන්දියාව මීට පෙරද ප්‍රකාශ කරමින් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ඛලිස්තානි ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට කැනඩාව දිගු කලක් නවාතැන් සපයා ඇති බවද ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා

 

Share This