
සිග්නීස් සම්මාන උළෙලේ ටෙලිනාට්‍ය අංශයේ සම්මාන රැසක් ස්වර්ණවාහිනියට (VIDEO)
කතෝලික සිනමා පර්ශදය සංවිධාන කරන සිග්නීස් ටෙලි සිනමා සම්මාන උලෙළ 44 වන වරටත් පෙරේදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.
එහිදී ස්වර්ණවාහිනි ද සම්මාන රැසකින් පිදුම් ලැබුවා.
චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා සම්මාන පිරිනමන 44 වැනි සිග්නීස් සම්මාන උලෙළ අති උත්කර්ශවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
ඒ රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් ඇතුළු කලා ලොව විවිධ අංශ නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
මේ උලෙළ වාර්ෂිකව සංවිධාන කරන්නේ කතෝලික සිනමා පර්ෂදයයි.
එහිදී සිග්නීස් යාවජීව ප්රසාදාභී සම්මානයෙන් පිදුම් ලැබුවේ නන්දා මාලනිී සහ වික්ටර් රත්නායක යන කෘතහස්ත ගායනවේදීන් දෙදෙනායි.
සිග්නීස් සම්මාන උලෙලේදී මෙවරත් ස්වර්ණවාහිනිය සම්මාන රැසකින් ඇගයීමට පාත්‍ර වුණා.
ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘බයෝ’ ටෙලි නාට්‍යය අංග රචනය සිදුකළ බුවනෙක රණවක 2023 වර්ෂයේ නිර්මාණශීලි අංග රචනයට හිමි සම්මානයත්, එම ටෙලිනාට්‍යයේම කැමරා අධ්‍යක්ෂණය සිදුකළ ස්ට්රයිනර් මැක්ලේන් 2023 වර්ෂයේ කැමරා අධ්‍යක්ෂණය උදෙසා උත්තමාචාර විශේෂ ජූලි සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
එමෙන්ම ස්වර්ණවාහියේ විකාශය වූ ‘සුසුම් රස්තියාදුව’ ටෙලි නාට්‍යයේ අංග රචනය සිදුකළ සනීර දිනේෂ 2024 වර්ෂයේ නිර්මාණශීලි අංග රචනය උදෙසා සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම 2024 වසරේ නිර්මාණශීලි කැමරා අධ්‍යක්ෂණය සඳහා විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලැබුවේ සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය කළ විමර්ශන රත්නායකයි.
2024 වසරේ නිර්මාණශිීලි තිරරචනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ සුසුම් රස්තියාදුව නාට්‍යයේ තිර රචනය සිදුකළ අරුණ ප්‍රේමරත්නයි.
එම නාට්‍යයේ රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න 2024 වසරේ නිර්මාණශීලී සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.
2024 වසරේ නිර්මාණශීලි හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ සුසුම් රස්තියාදුව නාට්‍යයට රංගනයෙන් දායක වූ විශ්වජිත් ගුණසේකරයි.
සම්මාන රැසකින් පාත්‍ර වූ “සුසුම් රස්තියාදුව” ටෙලි නාට්‍ය 2024 වසරේ හොඳම ටෙලිනාට්‍ය නිර්මාණය ලෙස සම්මානයට පත්‍ර වුණා.
2023 වසරේ හොඳම චිත්‍රපට නළුවා බවට පත්වුණේ “රහස් කියන කඳු” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ සරත් කොතලාවලයි.
මේ අතර 2024 වසරේ චිත්‍රපට ක්ෂේත්රයේ හොඳම නළුවා ලෙසින් “සිහින සමීකරණ” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ සජිත ඇන්තනී සම්මානයට පාත්‍ර වුණා.
2023 වසරේ හොඳම සිනමා නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ “වෙඩි නොවඳින ළමයි” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අනසුයා සුභසිංහයි.
2024 වසරේ හොඳම සිනමා නිළිය බවට පාත්‍රවුණේ “දුස්රා” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ තිලක්ෂණී රත්නායකයි.
2023 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කල ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා.
2024 වසරේ හොඳම සිනමා නිර්මාණය ලෙස සම්මානයට පාත්‍ර වුණේ චන්න දේශප්‍රිය විසින් අධ්‍යක්ෂණය කළ ‘ දුස්රා’ චිත්‍රපටයයි.
