
සිඩ්නිහි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හෙළා දුටු අගමැති
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.
තානාපති කාර්යාලය වෙත පැමිණි අයෙකු මිටියකින් පහරදී එහි දේපලවලට හානි කිරීමට සහ තීන්ත අලේප කිරීමට කටයුතු කර තිබුණා.
අදාළ ක්‍රියාකලාපය නීතිවිරෝධී බව පෙන්වාදෙන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට නිසි දඬුවම් පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් තානාපති කාර්යාලයේ ජනෙල 9කට පමණ හානි සිදුව ඇති බව සඳහන්.
කෙසේවෙතත් ඉන් තානාපති කාර්යාලයේ කාර්ය් මණ්ඩලයට හෝ මෙහෙයුම්වලට කිසිඳු බලපෑමක් එල්ල නොවූ බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇත්තේ.