සිඩ්නි අභිබවා යමින්  මෙල්බර්න් ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණම නගරය වෙයි

සිඩ්නි අභිබවා යමින් මෙල්බර්න් ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණම නගරය වෙයි

19 වැනි සියවසෙන් පසු ප්‍රථම වතාවට මෙල්බර්න් නගරය ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය බවට පත්ව තිබෙනවා.

ඒ සිඩ්නි නගරය අභිබවා යමින්.

වසර 100කට වැඩි කාලයක් සිඩ්නි එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

මෙල්බර්න් හි ජනගහනය වර්ධනය වීමත් සමග එම නගර සීමාව පුළුල් කරමින් මෙල්ටන් ප්‍රදේශය ද මෙල්බර්න් නගර සීමාව තුලට ගෙන තිබෙන බවයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2021 ජූනි මාසයේ සිට නවතම රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මෙල්බර්න් හි ජනගහනය සිඩ්නි නගරයට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This