
සිඩ්නි හි පිහි ඇනුමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
එම සිදුවීමෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ සිදුවීම සිදුවූ ස්ථානයේ සිට පලා ගිය පුද්ගලයෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිද්ධියෙන් සිඩ්නි නගරයේ ජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය අප්‍රේල් මාසයේදී සිඩ්නි හිදී පිහි ඇනුමක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබුණා.