සිම්බාබ්වේ ජනපති දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට සූදානමින්

සිම්බාබ්වේ ජනපති දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට සූදානමින්

සිම්බාබ්වේ ජනාධිපති Emmerson Mnangagwa දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පැවති ජනාධිපතිවරණයේ දී නිල ප්‍රතිඵලවලින් 53% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ඔහු ලබා ගත් බවයි වාර්තා වී ඇත්තේ

එමෙන්ම ඔහුගේ Zanu-PF පක්ෂය පාර්ලිමේන්තු ඡන්දවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙන බවද සඳහන්

Emmerson Mnangagwaගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Nelson Chamisa නැවත මැතිවරණයක් ඉල්ලා ඇති අතර ප්‍රතිඵල අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට ඔහුට කාලය තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු Emmerson Mnangagwaගේ සමාරම්භක උත්සවයට සහභාගී වන බවට තහවුරු කර ඇතිබවද සඳහන්

මෙම උත්සවය සැළසුම් කළ පරිදි පැවැත්වෙන බව එරට රජය විශ්වාසය පළ කරත් උත්සවයට පෙර විරුද්ධ පක්ෂය උසාවි අයදුම්පතක් ඉදිරිපත් කළහොත් එය අවලංගු කළ හැකි බවද නිලධාරියෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා

Share This