සියම් දහම් පාද යාත්‍රාව අද එකොලොස්වන දිනටත් වීථි සංචාරයේ

සියම් දහම් පාද යාත්‍රාව අද එකොලොස්වන දිනටත් වීථි සංචාරයේ

ස්වර්ණ වර්ණ පොසොන් සැමරුම සහ සියම් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි හැත්තෑ වසරක අභිමානය වෙනුවෙන් සංවිධාන කෙරෙන සියම් දහම් පාද යාත්‍රාව අද එකොලොස්වන දිනටත් වීථි සංචාරය කෙරෙනවා.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එකී විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

සිරිලක බෞද්ධ සැදැහැතියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් මහත් පින් ලැබ ගන්නට ඉවහල් වන සියම් දහම් පාද යාත්‍රාව එකොලොස්වන දිනට අද උදෑසන අහංගම ජයසුමනාරාමයෙන් ගමන් ආරම්භ කෙරුණා.

එලෙස ගමන් ඇරඹි සියම් දහම් පාද යාත්‍රාව අද පස්වරුවේ ගමනාන්තය වන ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරය දක්වා පැමිණෙනු ඇති.

එකී මාවතේ සමාධි සිත් පෙරදැරිව වැඩමවන උතුම් මහා සංඝරුවනට දන් පැන් ගිලන්පස පූජා කරමින් ප්‍රතිපත්ති පූජාවේ අනුසස් ලබන්නටත්, සාධුකාර දී ආශීර්වාද ලැබගන්නටත් පහන් සිතින් එක්වන්නටත් සැදැහැති ඔබ සැමට බැතිබර අරාධනා.

 

Share This