සියඹලාණ්ඩුවට අධික වැසි සමග තද සුළං තත්ත්වයක් – නිවාස පනහකටත් දැඩි හානි

සියඹලාණ්ඩුවට අධික වැසි සමග තද සුළං තත්ත්වයක් – නිවාස පනහකටත් දැඩි හානි

සියඹලාණ්ඩුවට ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් හයකට විශාල අධික සුළං තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අධික වර්ෂාපතනය සහ දැඩි සුළං තත්ත්වයක් සමග ප්‍රදේශයේ නිවාස පනහකට පමණ දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

සියඹලාණ්ඩුවට ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් බුද්ධම,විජිතපුර,ගල් අමුණ,බරවයාය,කලුගොල් යාය සහ සමනළබැද්ද යන ග්‍රාම නිලධාරී වසම් වලට මෙම තත්ත්වය දැඩිව බලපා ඇතැයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසුවා.

නිවාස මතට ගස් කඩා වැටී ඇති අතර ඇතැම් නිවාස වල වහල ගැලවී ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ විදුලි සැපයුමටද බධා එල්ල වී ඇති අතර හානි වූ නිවාස සම්බන්ධයෙන් මේ වන විට සොයා බලා අවශ්‍ය සහන ලබා දීමට කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සදහන් කළා.

 

 

 

Share This