සියලුදෙනාගේ සෝ සුසුම් මැද ඉරාන ජනපති නික්ම යයි

සියලුදෙනාගේ සෝ සුසුම් මැද ඉරාන ජනපති නික්ම යයි

ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ නිල අවමංගල්‍ය කටයුතු අද(23) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ එරට ශුද්ධවූ නගරය ලෙස හඳුන්වන ජනාධිපතිවරයාගේ උපන් ගම වන මෂාද් නගරයේදීයි.

හමාස් සටන්කාමීන්ගේ නායක ඉස්මයිල් හනියේද හිටපු ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතුවලට එක්වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත ජනකායක් පැමිණ සිටි බව සඳහන්.

Share This