සිය ගුවන් සීමා දෙබෑ කරවමින් යුද යානා 42ක් යොදාගෙන ලොකුකම් පෙන්වන උතුරු සහ දකුණු කොරියාව

සිය ගුවන් සීමා දෙබෑ කරවමින් යුද යානා 42ක් යොදාගෙන ලොකුකම් පෙන්වන උතුරු සහ දකුණු කොරියාව

උතුරු කොරියාව සිය දේශසීමාව ආසන්නයේ යුද ගුවන් යානා 12ක් පියාසර කළ බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් හමුදා ගුවන් යානා 30ක් දියත් කිරීමට දකුණු කොරියාව පෙළඹවූ බවත් දකුණු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු කොරියානු හමුදාව පවසන්නේ උතුරු කොරියානු ප්‍රහාරක ජෙට් යානා අටක් සහ බෝම්බ ප්‍රහාරක යානා හතරක් මෙලෙස පියාසර කළ බවයි.

උතුරු කොරියානු ගුවන් යානා ගුවනින් මතුපිටට වෙඩි තැබීමේ අභ්‍යාස සිදු කර ඇති බවට විශ්වාස කරන බවත් පැවසෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව යුද ගුවන් යානා 30ක් පියාසර කර තිබෙනවා.

මීට පෙර, උතුරු කොරියාව සිය නැඟෙනහිර මුහුද දෙසට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව එක්සත් ජනපදය සහ ජපානය සමඟ කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නාවික අභ්‍යාස පවත්වා ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

එසේම උතරු කොරියාව පසුගියදා ජපානයට ඉහලින් ද මිසයිලයක් එල්ල කළා.

Share This