සිය පුත්‍රයා ලේකම් ධුරයෙන් ඉවත් කළ ජපාන අගමැති

සිය පුත්‍රයා ලේකම් ධුරයෙන් ඉවත් කළ ජපාන අගමැති

සිය පුත්‍රයා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida තීරණය කර තිබෙනවා.

ඔහුගේ “නුසුදුසු හැසිරීම” හේතුවෙන් ලේකම් ධුරයෙන් පුත්‍රයා ඉවත් කිරීමට තීරණය කළ බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා වන Shotaro Kishida පසුගිය වසරේ පැවති සාදයක් සඳහා ඥාතීන්ට නිල නිවසට ආරාධනා කළ බවට එරට පුවත්පතක් විසින් වාර්තා පළ කිරීමත් සමග Fumio Kishida අදාළ තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ජුනි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි 32 හැවිරිදි වියේ පසුවන Shotaro Kishida, ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.

මීට පෙර ද Shotaro Kishida ට එරෙහිව එරට රජයේ දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබුණා.

Share This