සිරකරුවෙකු සොයා මෙහෙයුම් – පෙන්සිල්වේනියාවේ පාසැල් වසා දමයි

සිරකරුවෙකු සොයා මෙහෙයුම් – පෙන්සිල්වේනියාවේ පාසැල් වසා දමයි

අගෝස්තු 31 වනදා සිරෙන් පැන ගිය සිරකරුවෙකු සොයා මෙහෙයුම් සිදු කරන බැවින් පෙන්සිල්වේනියාවේ බලධාරීන් දිස්ත්‍රික්ක දෙකක පාසැල් වසා දමා තිබෙනවා

හිටපු පෙම්වතියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් 34 හැවිරිදි Danelo Cavalcante ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ පසුගිය මාසයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

මෙම බ්‍රසීල ජාතිකයාගේ මව ඔහුට යටත් වන ලෙස අයැද සිටින පණිවිඩ ද නිලධාරීන් විසින් රටපුරා විකාශනය කරමින් සිටින බවද සඳහන්

එක්සත් ජනපද මාර්ෂල් සේවය ඔහු අල්ලා ගැනීමට ලබා දෙන තොරතුරු සඳහා ඩොලර් 10,000 ත්‍යාගයක් පිරිනමන බවටද සඳහන් කර තිබෙනවා

සිරගතවී සිටි Danelo Cavalcante ගොඩනැගිල්ලේ වහලයට නැග Cavalcante Chester County බන්ධනාගාරයෙන් පැන ගිය බවයි වාර්තා වන්නේ

බටහිර චෙස්ටර් හි බන්ධනාගාරයේ සිට සැතපුම් දෙකක පමණ දුරකින් පිහිටි දැඩි වනාන්තර සහිත ප්‍රදේශයක් පිළිබඳවද පොලිසිය සෝදිසි කිරීම් දියත් කර තිබෙනවා

ලෝන්ග්වුඩ් උද්‍යානයේ කැවල්කැන්ටේ නිරීක්ෂණ කැමරාවල ඔහුව දෙවතාවක් පමණ දක්නට ලැබීමෙන් පසු සෙවුම් ප්‍රදේශය පුළුල් වී ඇති බවද සඳහන්

මේ අතර බලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් අවධානයෙන් සිටින ලෙසත් තම නිවෙස් සහ ජනෙල් අගුළු දමා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා

2021 අප්‍රේල් මාසයේදී කුඩා දරුවන් දෙදෙනා ඉදිරිපිට දී හිටපු පෙම්වතිය වන ඩෙබොරා බ්‍රැන්ඩෝට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසු Danelo Cavalcante ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා .

ඝාතනයෙන් පැය කිහිපයකට පසු ඔහු වර්ජිනියාවට පලා යාමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කරනු ලැබුවේ

Share This