සිරිකොතේ පෙරේතයින් එළවන්න දෙසැබර් 07 එ.ජා.ප. යෙන් වැඩක්

සිරිකොතේ පෙරේතයින් එළවන්න දෙසැබර් 07 එ.ජා.ප. යෙන් වැඩක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ” කුමාරයා ” යැයි පැවසුවේ පොහොට්ටුවේ අය වැඩි නිසා බව එක්සත් ජාතික පක්ෂයේ අද පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

එහිදී සමගි ජන බලයට – එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ ගැටලුව තමන් නම් ඔහු පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් බවත් පැවසුවා.

ඊයේ නුගේගොඩ රැලියට වැඩි පිරිසක් පැමිණියේ පොහොට්ටු සාමාජිකයින් නිසා ඔවුන් වෙනුවෙන් තමන් “නාමල්ට කුමාරයා” යැයි කියූ බව සඳහන් කළා.

ඉදිරියේදි එ.ජා.ප.ය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙවැනි රැස්වීම් 1000 ක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන බවත් ලබන මස 7 වැනිදා සිරිකොත මන්දිරය ශ්‍රමදානයක් කර සුද්ද පවිත්‍ර කර සියලු පෙරේත‍යින් ,කුම්භාණඩයින් ඉවත් කරන බවත් ඔහු පැවසුවා.

දෙසැම්බර 08 වැනිදා ඒ වෙනුවෙන් සිරිකොතේ පිරිතක් කියන බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

Share This