සිරියාවේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයා ගැනේ -20ක් රෝහලට

සිරියාවේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයා ගැනේ -20ක් රෝහලට

සිරියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයාගෙන ඇති බව ලෙබනනයේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගත් 20 දෙනෙකු දකුණු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසා තිබෙනවා

බෝට්ටුව මුහුදුබත් වන විට පුද්ගලයින් 120ත් -150 ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ගලවා ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක අතර යාත්‍රාව ගිලී ගියේ කෙසේදැයි බලධාරීන් මෙතෙක් ප්‍රකාශ කර නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සංක්‍රමණිකයන්ගේ ජාතිකත්වය අපැහැදිලි බවත් ලෙබනනයේ ට්‍රිපොලි වරාය නගරයට ආසන්න නගරයක් වන Minyeh සිට යාත්‍රාව පිටත්ව ගොස් ඇති බවත් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

Share This