සිරියාවේ සිට යුරෝපයට සංක්‍රමණිකයන් ගෙන යන අයුරු හෙළිවේ

සිරියාවේ සිට යුරෝපයට සංක්‍රමණිකයන් ගෙන යන අයුරු හෙළිවේ

සිරියාවේ සිට යුරෝපයට සංක්‍රමණිකයන් ගෙන යන ජාවාරමට සම්බන්ධ ජාලයක් බලධාරීන් විසින් සොයා ගෙන ඇති බව ඇල්ජීරියානු මාධ්‍ය සඳහන් කරනවා

ඒ අනුව මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් නව දෙනෙකු සිරියානුවන් සහ 6 දෙනෙකු ඇල්ජීරියානුවන් වනවා.

සිරියාවේ සහ ලෙබනනයේ සිට නැගෙනහිර ලිබියාවේ ගුවන් තොටුපළකට නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කළ ආකාරය මාස පහක විමර්ශනයකින් පසු අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එතැන් සිට, ඔවුන් යුරෝපයට රහසිගතව මුහුදු මගින් ගෙන යාම සඳහා කාන්තාර මාර්ග ඔස්සේ ඇල්ජීරියාවේ ඔරාන් වරායට ගෙන ගොස් ඇති බවද එම විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

Share This