
සිරි දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළක්වාලන්න විශේෂ වැඩසටහනක්
සිරි දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාව තුළ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළක්වාලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට (18) සිට ලබන 27 වනදා දක්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකයන්වල නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර තිබෙනවා.