සිර දඬුවම් නියම වූ නොබෙල් සාම ත්‍යාගලාභියා

සිර දඬුවම් නියම වූ නොබෙල් සාම ත්‍යාගලාභියා

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන Ales Bialiatski හට බෙලරූස් අධිකරණය විසින් වසර 10 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

එරට ප්‍රමුඛ පෙළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු ලෙස සැළකෙන ඔහු මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2022 වසරේ දී Ales Bialiatski නොබෙල් සාම ත්‍යාගය හිමිකරගෙන තිබුණා.

එරට පැවති විරෝධතා සඳහා මුදල් සැපයීම සහ බදු පැහැර හැරීමට අදාලව ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවන් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම සිර දඬුවම් නියම කර තිබෙනවා.

Ales Bialiatski විසින් ආරම්භ කළ Viasna මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඉහල පෙළේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ද රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සඳහා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This