සිව් වසරකට පෙර ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් ඝාතනය කිරීමට අදාළව ඉන්දියාවේදී අයෙක් අත්අඩංගුවට

සිව් වසරකට පෙර ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් ඝාතනය කිරීමට අදාළව ඉන්දියාවේදී අයෙක් අත්අඩංගුවට

වසර හතරකට පෙර ඕස්ට්‍රේලියාවේ නිවර්තන කලාපීය වෙරළ තීරයක මිය ගොස් සිටි තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

24 හැවිරිදි Toyah Cordingley ගේ සිරුර 2018 ඔක්තෝම්බර් මාසයේදී සොයාගෙන තිබෙන අතර ඝාතනය කළ තැනැත්තා සොයා ගැනීමට තොරතුරු ලබාදෙන අයෙකුට ක්වීන්ස්ලන්ත රජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 ත්‍යාගයක් ලබාදීමට සූදානම් බව දැනුම් දුන්නා

ඒ අනුව Toyah ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයා වන රාජ්වින්දර් සිං අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ක්වීන්ස්ලන්ත පොලිසිය සඳහන් කරන්නේ ඉන්දීය නිලධාරීන් විසින් ඔහු දිල්ලියේ දී අත්අඩංගුවට ගත් බවත් ළඟදීම එරටින් පිටුවහල් කිරීමේ අධිකරණ නියෝගයක් ලැබෙනු ඇති බවත්ය

ඉන්පසුව ඔහුව ඕස්ට්‍රේලියාවට ගෙනවිත් අපරාධ නඩු විභාග කිරීමට නියමිත බවයි ක්වීන්ස්ලන්ත පොලිසිය පවසා තිබෙන්නේ

Toyah Cordingley 2018 වසරේ ඔක්තෝම්බර් 21 වන දින සිය සුරතලා සමග ඇවිදීමට කේර්න්ස් සහ පෝට් ඩග්ලස් අතර වැන්ගෙට්ටි වෙරළට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණි හෙයින් ඇගේ පියා ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙනවා

ඒ අනුව වෙරළ තීරයේ වැලි කඳු වල අඩක් වළ දමා තිබූ ඇගේ සිරුර පසුදා ඇගේ පියා විසින් සොයා ගත් බවයි පැවසෙන්නේ.

Share This