
සිවිල් ක්‍රියාකාරිනියකගේ ගනේමුල්ල නිවසට වෙඩි තැබීමක්
ගණේමුල්ල, අමුණුගොඩ ප්‍රදේශයේ පිහිටි සිවිල් ක්‍රියාකාරිනියක් වන රසිකා කෝරළගේ නැමැත්තියගේ නිවසේ ගේට්ටුවකට වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අදාළ වෙඩි තැබීම පසුගිය 11 වැනිදා රාත්‍රි කාලයේ සිදුව තිබුණත් වෙඩි තැබීමක් සිදු වූ බව එකවර හඳුනාගෙන නැහැ.
අසල්වැසි නිවසේ පදිංචිකරුවන් සිදු කළ පැමිණිල්ලක් අනුව අද පොලිසිය විමර්ශන ආරම්භ කළා.
එහි දී හෙළි වී ඇත්තේ වෙඩි උණ්ඩ 5ක් පමණ එල්ල වී ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකාරිය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ නිවස අසළට ගොස් මල් වඩමක් තැබීමට එක්වූ කණ්ඩායමේ කෙනකු බවත් පොලිසිය පැවසුවා.