ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් සීමා කළ නිසා සිදුව ඇති දේ

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් සීමා කළ නිසා සිදුව ඇති දේ

තලේබාන් බලධාරීන්ගේ නියෝගයකට අනුව ඇෆ්ගනිස්ථානය පුරා පිහිටි රූපලාවන්‍යාගාර දහස් ගණනක් ස්ථිරවම වසා දැමීමට නියමිතව තිබෙනවා

මෙමගින් කාන්තාවන්ට ලැබෙන ආදායම් මාර්ග කිහිපයෙන් එකක් මෙන්ම සමාජගත වීමට ඇති ඉඩකඩ ද කපා හරින බවයි ඔවුන් චෝදනා කරන්නේ

2021 වසරේ අගෝස්තුවේ බලය අල්ලාගත් දා සිට, තලේබාන් ආණ්ඩුව ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට උසස් පාසල් සහ විශ්ව විද්‍යාල තහනම් කර, උද්‍යාන, විනෝද පොළවල් සහ ව්‍යායාම මධ්‍යස්ථානවලට යාමද තහනම් කරනු ලැබුවා

මෙම නියෝගයවලට එරෙහිව විරෝධතා දැක්වූ කාන්තාවන් දුසිම් ගනනක් විසුරුවා හැරීමට කාබුල්හිදී පියවර ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා

තලෙයිබාන් සංවිධානය බලයට පත් වූ විට රජයේ සේවක සේවිකාවන් දහස් ගණනකට රැකියා අහිමි වී තිබෙනවා

එමෙන්ම රූපලාවන්‍යාගාර තහනම නිසා තවත් කාන්තාවන් 60,000කට රූපලාවන්‍යාගාර 12,000ක පමණ රැකියාවලින් ලැබෙන ආදායම අහිමි වී ඇතැයි ඇෆ්ගනිස්ථාන කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පවසනවා

Share This