සුඩානයට එක්සත් ජනපදයෙන් ආපදා ප්‍රතිචාර කණ්ඩායමක්

සුඩානයට එක්සත් ජනපදයෙන් ආපදා ප්‍රතිචාර කණ්ඩායමක්

සුඩානයේ ගැටුමට මැදිවී සිටින අයගේ අවශ්‍යතා හඳුනා ගැනීමට සහ අවශ්‍යතා ඇති අයට ආධාර ලබා දීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සඳහන් කරනවා.

ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) විසින් ආපදා ප්‍රතිචාර විශේෂඥයින් කණ්ඩායමක් ඒ සඳහා යොදවා තිබෙනවා.

මෙම කණ්ඩායම සිය මෙහෙයුම්වල මූලික අදියරේදී කෙන්යාවේ සිට ක්‍රියාත්මක වන බවයි සමන්තා පවර් මහත්මිය පවසන්නේ.

සටන් විරාමයක් සහ පවතින් ගැටුම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳව ද පවර් මහත්මිය අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 400කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර දහස් ගණනක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර යුරෝපා සංගම් පුරවැසියන් 1,000කට අධික පිරිසක් සුඩානයෙන් ඉවත් කර ඇති බවද සඳහන් වනවා.

 

Share This