සුඩානයේ එක්සත් රාජධානි තානාපති කාර්යාලය තාවකාලිකව වසයි -තානාපති ඉතියෝපියාවට

සුඩානයේ එක්සත් රාජධානි තානාපති කාර්යාලය තාවකාලිකව වසයි -තානාපති ඉතියෝපියාවට

ගැටුම් පවතින සුඩානයේ පිහිටි එක්සත් රාජධානි තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තානාපති කාර්යාලය වසා දැමීමෙන් පසු එහි තානාපතිවරයා ඉතියෝපියාවට ගෙන ගොස් ඇති බවයි එක්සත් රාජධානිය පවසන්නේ.

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තානාපතිවරයා සුඩානයේ සටන් අවසන් කිරීම සඳහා ඉතියෝපියාවේ සිට එක්සත් රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ට නායකත්වය දෙනු ඇති බවයි

මේ වන විට ගුවන් ගමන් වාර හයක් මගින් බ්‍රිතාන්‍ය ජාතිකයින් 536 දෙනෙකු සුඩානයේ සිට ඉවත් කර ඇති බව එක්සත් රාජධානියේ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

දැනට පවතින සටන් විරාමය දෙපාර්ශ්වය අතර සටන නතර නොකළ නමුත් දස දහස් ගණනක ජනතාවට ආරක්ෂිත ප්‍රදේශවලට පලා යාමට සහ විදේශ රටවලට ඔවුන්ගේ පුරවැසියන් ඉවත් කර ගැනීමට යම් අවස්ථාවක් ලැබී ඇති බවද පැවසෙනවා

Share This