සුඩානයේ කැරලිකාර කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 13ක් මරුට

සුඩානයේ කැරලිකාර කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 13ක් මරුට

බටහිර සුඩානයේ මධ්‍යම ඩාර්ෆූර් ප්‍රාන්තයේ කැරලිකාර කණ්ඩායම් දෙකක් අතර ඇති වූ දරුණු ගැටුම්වලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

සුඩානයේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය (OCHA) සඳහන් කර තිබෙන්නේ ගැටුම් නොවැම්බර් 19 වන දින Shamal Jebel Marra ප්‍රදේශයේ Umu සහ Arshin ප්‍රදේශවලින් ආරම්භ වී ඇති බවයි.

පුද්ගලයන් 6 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව Al-Intibaha පුවත් වෙබ් අඩවියේ වාර්තාවක් උපුටා දක්වමින් බිබිසි පුවත් සේවය සඳහන් කර තිබෙනවා

මෙම ගැටුම් තවත් ගම්මානවලට ද පැතිර ගොස් ඇති අතර ඇස්තමේන්තුගත පුද්ගලයින් 5,600 ක් පමණ තම නිවෙස්වලින් පලා ගොස් අවතැන් කඳවුරු වෙත සංක්‍රමණය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ද දෙපිරිස අතර ඇති වූ ගැටුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

 

Share This