සුඩානයේ ගැටුම්වලින් සිවිල් වැසියන් 56 දෙනෙකු මරුට

සුඩානයේ ගැටුම්වලින් සිවිල් වැසියන් 56 දෙනෙකු මරුට

සූඩානයේ හමුදාව සහ අතුරු හමුදා කණ්ඩායම් අතර අතර පවතින බල අරගල ගැටුමක් හේතුවෙන් සිවිල් වැසියන් 56 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 595 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූලස්ථානය මුල්කරගෙන මෙම ගැටුම් උත්සන්න වී ඇති බව සඳහන්.

මීට අමතරව අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ආහාර ආධාර සපයන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන ලෝක ආහාර වැඩසටහනේ සේවකයින් තිදෙනෙකු ද සුඩානයේ බටහිර දෙසින් පිහිටි කබ්කාබියා (Kabkabiya) හි වෙඩි හුවමාරුවක දී මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

2021 ඔක්තෝම්බර් මාසයේදී සිදු වූ කුමන්ත්‍රණයකින් පසුව ජෙනරාල්වරුන් විසින් සුඩානය පාලනය කරනවා

Share This