සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි -185ක් මරුට -1800කට වැඩි පිරිසකට තුවාල

සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි -185ක් මරුට -1800කට වැඩි පිරිසකට තුවාල

සුඩානයේ යුරෝපා සංගමයේ තානාපති Aidan O’Hara ට කාර්ටූම් හි පිහිටි ඔහුගේ නිවසේ දී පහර දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පහර දීමෙන් Aidan O’Hara ට බරපතල හානියක් සිදු නොවූ බව අයර්ලන්ත විදේශ අමාත්‍ය මයිකල් මාටින් තහවුරු කර තිබෙනවා

ප්‍රතිවාදී හමුදා අතර සුඩානයේ පවතින ගැටුම් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

දින තුනක් පුරා පවතින සටන්වලදී පුද්ගලයින් 185ක් පමණ මිය ගොස් 1,800කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා

මේ වනවිට සුඩානයේ හමුදාව සහ Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායම් දෙකම කියා සිටින්නේ කාර්ටූම් හි ප්‍රධාන ස්ථාන ඔවුන් විසින් පාලනය කරන බවයි.

මේ අතර දැනට පවතින ආරක්ෂක ගැටළු මධ්‍යයේ වුවත් එක්සත් ජනපද නිලධාරීන් ඉවත් කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කරනවා.

එමෙන්ම සියලුම අමරිකානුවන්ගෙන් තත්ත්වය “ඉතා බැරෑරුම් ලෙස” සලකන ලෙසටද ඔහු ඉල්ලා සිටිනවා

කාර්ටූම් ගුවන් තොටුපළ මේ වනවිට වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This