සුඩානයේ ගැටුම් නවත්වන්න – රටවල් රැසකගෙන් ඉල්ලීම්

සුඩානයේ ගැටුම් නවත්වන්න – රටවල් රැසකගෙන් ඉල්ලීම්

සුඩානයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය නවත්වන ලෙස ඉල්ලීම් සිදු කරමින් රටවල් කිහිපයක් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රචණ්ඩත්වය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියෝපියාව යන රටවල ඉහළ පෙළේ නිලධාරීන් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ සුඩානයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර සුඩානයේ හටගෙන ඇති තත්ත්වය හමුවේ එරට Khartoum අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාවට ආහාර සහ ජලය නොමැති බවට වාර්තා වී තිබෙනවා.

අදාළ ප්‍රදේශවල ජනතාව විසින් තමන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදෙන ලෙස ඉල්ලීම් ද ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුඩානයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This