සුඩානයේ ගැටුම් නිසා මිලියනයකට ආසන්න ජනතාවක් අවතැන්

සුඩානයේ ගැටුම් නිසා මිලියනයකට ආසන්න ජනතාවක් අවතැන්

සුඩානයේ මාසයක් පුරා පවතින යුද්ධය හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසකට තම නිවෙස්වලින් පලා යාමට සිදු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

එමෙන්ම ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රට තුළම අවතැන් වී සිටින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ

සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා එකඟතාවයක් තිබියදීත්, හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර Khartoum හි දිගටම සටන් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Khartoum නගරයට ආසන්නයේ පිහිටි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති අතර මේ සම්බන්ධයෙන් සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකම එකිනෙකාට චෝදනා කරමින් සිටින නමුත් කිසිවෙකුත් වගකීම භාර ගෙන නොමැති බවයි පැවසෙන්නේ

සුඩානයේ යුද්ධය නිසා සමස්ත කලාපයම අස්ථාවර විය හැකි බවට විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This