සුඩානයේ දරුණු ගැටුම් -100කට ආසන්න පිරිසක් මරුට -1100කට තුවාල (VIDEO)

සුඩානයේ දරුණු ගැටුම් -100කට ආසන්න පිරිසක් මරුට -1100කට තුවාල (VIDEO)

ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් අතර සටන් අඛණ්ඩව පැතිර යාමත් සමග සුඩානය පුරා දරුණු ගැටුම් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

සුඩානයේ හමුදාව සහ Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායමක් අතර පවතින ප්‍රචණ්ඩත්වයේ තුන්වන දිනයවන විට පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව එරට වෛද්‍ය සංගමයක් ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1100ක් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

තුවාලකරුවන් එම ස්ථානවලින් ඉවත්කර ගැනීමට ඉඩ දීම සඳහා තාවකාලික සටන් විරාමයක් ද පැනවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍යවරු අනතුරු අඟවන්නේ කාර්ටූම් හි රෝහල්වල තත්ත්වය අතිශයින් දුෂ්කර බවයි.

පවතින ගැටුම් නිසා කාර්යය මණ්ඩලයට සහ වෛද්‍ය සැපයුම් ලබාදීමට තුවාල වූ පුද්ගලයින් වෙත ළඟා වීමට බාධා එල්ලවී ඇති බවද  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This