සුඩානයේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුර රැකගන්න එරට හමුදාවෙන් ප්‍රතිප්‍රහාර

සුඩානයේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුර රැකගන්න එරට හමුදාවෙන් ප්‍රතිප්‍රහාර

සුඩානයේ කාර්ටූම් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රධාන ගුවන් හමුදා කඳවුර දෙසට එල්ලවන ප්‍රහාර වැළක්වීම සඳහා සුඩාන හමුදාව විසින් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ගුවන් තොටුපළ සුඩාන හමුදාව විසින් ප්‍රතිවාදී කණ්ඩායමට (RSF) ගුවන් ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන බවයි පැවසෙන්නේ

දින හතක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් මෙම සටන් පවතින අතර මීට පෙර පැවති සටන් විරාම බිඳ වැටුණු බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

එක්සත් ජනපදය සහ සෞදි අරාබිය එක්ව පසුගිය සති දෙකක කාලය තුළදී මෙම සටන් නැවතීම සඳහා සෞදියේ ජෙඩා නගරයේ දී සුඩාන හමුදා නියෝජිතයින් සහ ප්‍රතිවාදී කණ්ඩායම් (RSF ) අතර සාකච්ඡා ද පවත්වනු ලැබුවා

 

Share This