සුඩානයේ සටන් විරාමය දීර්ඝ කරයි -විරාමය මැද කාර්ටූම් අගනුවර දරුණු සටන්

සුඩානයේ සටන් විරාමය දීර්ඝ කරයි -විරාමය මැද කාර්ටූම් අගනුවර දරුණු සටන්

සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර පැවති දින තුනක සටන් විරාමය අවසන්වීමට ටික වේලාවකට පෙර එය අලුත් කිරීමට එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව තවත් පැය 72ක් සඳහා සටන් විරාමය දිගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කෙසේවෙතත් කාර්ටූම් අගනුවර දරුණු සටන් ගැන දිගින් දිගටම වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින සටන්වලින් අවම වශයෙන් පුද්ගලයින් 512ක් සටන්වලින් මිය ගොස් 4,200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර දකුණු සුඩානය සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ඉදිරිපත් වී ඇති අතර, සාකච්ඡා සඳහා නියෝජිතයන් යැවීමටද සුඩාන හමුදාව එකඟ වී තිබෙනවා

රෝග පැතිරීම සහ සේවා හිඟකම හේතුවෙන් තවත් බොහෝ මරණ සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා

සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ගැටුම් ඇති ප්‍රදේශවල බොහෝ රෝහල් ක්‍රියාත්මක නොවන අතර කාර්ටූම් හි සෞඛ්‍ය පහසුකම්වලින් 60% කට වඩා අක්‍රිය වී ඇති බවයි.

 

Share This