සුඩානයේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට ප්‍රහාර එල්ල නොකරන ලෙසට එක්සත් ජනපදයෙන් ඉල්ලීමක්

සුඩානයේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට ප්‍රහාර එල්ල නොකරන ලෙසට එක්සත් ජනපදයෙන් ඉල්ලීමක්

සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙස එක්සත් ජනපදය සුඩානයේ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායෙන් ඉල්ලා තිබෙනවා

රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එක්සත් ජනපදය RSF වෙතින් සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙසත්, Nyala, Omdurman සහ සුඩානය පුරා සිටින සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටි බවයි

RSF සහ සුඩාන හමුදාව අප්‍රේල් මාසයේ සිට සටන් කරන බවත් මෙම ගැටුම්වලින් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන පහකට අධික පිරිසක් අවතැන්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා .

එක්සත් ජනපදය RSF සහ සුඩාන හමුදාවන්ගෙන් (SAF) වහාම සටන් නතර කර ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා ඇති බවද සඳහන්

එමෙන්ම එක්සත් ජනපදය දැනටමත් පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායට (RSF) සහ සුඩාන හමුදාවට සම්බන්ධ සමාගම්වලට මෙන්ම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ (RSF) නායකයින් දෙදෙනෙකුට සම්බාධක පනවා තිබෙනවා

ගැටුම් නවතාලීම සඳහා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය විසින් මෙහෙයවන ලද සාම සාකච්ඡා ජූලි මාසයේදී බිඳ වැටුණු බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

Share This